Friday, September 12, 2025
Follow Us
ගුවන් සේවා පර්යේෂණ පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව

ප්‍රගතිය සහ නවෝත්පාදනයන් පිළිබඳ කැපවීම තහවුරු කරමින්, පළමු ගුවන් සේවා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICAR) 2023 පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී  පැවැත්විණ.

ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නීතීඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම (AASL) විසින් මෙය සංවිධාන කර තිබිණ.

'තිරසර සහ ඩිජිටල්කරණය වූ අනාගතයක් සඳහා ගුවන් සේවා පරිවර්තනය කිරීම' යන්න මෙවර එහි තේමාවයි.

ගුවන් තොටුපළ මෙහෙයුම් සහ කළමනාකරණය, ගුවන් සේවා කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව, ගුවන් ගමනාගමන කළමනාකරණය සහ පාලනය, ගුවන් සේවා ආරක්ෂාව, තිරසාර ගුවන් සේවා සහ පාරිසරික බලපෑම, ගුවන් සේවා, ගුවන් සේවා අධ්‍යාපනය සහ පුහුණුව, ගුවන් සේවා ආර්ථික විද්‍යාව පිළිබඳ නැඟී එන තාක්‍ෂණ ඇතුළු විෂයන් රැසක් පිළිබඳ මෙම සමුළුවේ දී අවධානය යොමු කර තිබේ.