Friday, September 12, 2025
Follow Us
ලාඕසයේ කොන්සල්වරිය කථානායක හමු වෙයි

ලාඕස මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කොන්සල්වරියවන, මනිලායි තිපලන්සි මහත්මිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා හමු විය.

 මෙහිදී දෙරට අතර සබඳතාවය අංශ කිහිපයක් ඔස්සේ වැඩිදියුණු කිරීම පිළිබද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම දෙරට අතර බෞද්ධ සංස්කෘතික වැඩසටහන් දියුණු කිරීම පිළිබඳව සහ සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා විය.

එසේම ලාඕස මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පවතින ව්‍යාපාර කටයුතු පිළිබඳව සහ එරට විසින් වෙනත් රටවල් වෙත අපනයනය කරන භාණ්ඩ සහ සේවාවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

තවද, ලාඕස මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වෙනුවෙන් වර්තමාන නව වැනි පාර්ලිමේන්තුවේ මිත්‍රත්ව සංගමයක් පිහිටුවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද මෙම අවස්ථාව සඳහා සහභාගී වූවාය.