Friday, September 12, 2025
Follow Us
ග්‍රීසියේ ලැව් ගින්නක්

ග්‍රීසියේ, දකුණු දිග ප්‍රදේශ කිහිපයකට සහ ඇතෑන්ස් නුවරට ලැව් ගිනි හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.


පැතිර යන වියළි සුළං හේතුවෙන් එය මැඩපැවැත්වීම දුෂ්කර වී ඇති බව වාර්තා වේ.

මෙම සතිය පුරා එම ප්‍රදේශවලට සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වයක් පැවතුණි. අවදානම් සහගත ප්‍රදේශවලින් විශාල පිරිසක් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.

ග්‍රීසියේ, ඊශාන දිග මායිමට ආසන්න “ඇලෙක්සැන්ඩ්‍රෝපොලි” වරාය නගරය දක්වා ලැව් ගිනි පැතිරීමේ අවදානම් පවතින බව බලධාරින් පවසයි. එය මැඩපැවැත්වීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකය.

 

-Dinamina