Friday, September 12, 2025
Follow Us

ඉන්දියාවේ සුරන සමුහයේ, සුරන සෝලාර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නරේන්ද්‍ර සුරන මහතා මෙරටට පැමිණ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එම සාකච්ඡාවෙන් පසුව,එම සමාගමේ කළමණාකරු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී තමා සමඟ පැවති සාකච්ඡාවේදී, මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සදහා ආයෝජනය කිරීම පිළිබඳව සහ සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක නිතර වූ බව අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුදුසු ස්ථානයක් සුරන සොලාර් සමාගමට හඳුනාගැනීමට සහ ආයෝජනයන් වෙනුවෙන් සුදුසු ව්‍යපෘති හඳුනාගෙන සංවර්ධනයට වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය