Saturday, September 13, 2025
Follow Us
සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා හමු වූ නේවාසික නියෝජිතවරිය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත "අසූසා කුබෝටා" මහත්මිය හා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ඊයේ (24) දින අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

මෙහි දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ලබා ගත හැකි දායකත්වය මෙන්ම එළඹෙන සැප්තැම්බර් 27 වනදාට යෙදී ඇති "ලෝක සංචාරක දිනය" වෙනුවෙන් ක්‍රියාත්මක කරන "තිරසාර සංචාරක ප්‍රවර්ධන" වැඩසටහන් පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.