Tuesday, August 04, 2026
Follow Us
පාසල්වල ජර්මානු භාෂාව ඉගැන්වීම පුළුල් කිරීම කෙරෙහි අවධානය‍

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජර්මනියේ අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ සහ ඇගයීම් පිළිබඳ කමිටු සාමාජික RIA SCHRÖDER මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පාසල්වල ජර්මානු භාෂාව ඉගැන්වීම තවදුරටත් පුළුල් කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී ඇත.

ජර්මානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කාර්යය සාධනය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් මෙහි දී මන්ත්‍රීවරිය දැනුම්වත් කර තිබේ.