Saturday, September 13, 2025
Follow Us
ජනපති ඉන්දිය නිල සංචාරයක

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවී තිබේ.

ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඉන්දීය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී.මුරලිදරන් විසිනි. 

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වෙයි.

සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.