Saturday, September 13, 2025
Follow Us
ඉන්දියාවේ සමුළුවක් ශ්‍රී ලංකාවේ දී

ඉන්දියාවේ සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේ (TAAI) 67 වන සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (BMICH)  ඊයේ (07)  ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක් විය.


ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන කාර්‍යංශයේ ආරාධනයෙන් (SLTPB) ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) සහයෝගයෙන් මෙම සමුළුව දින තුනක් පුරා කොළඹ දී හා මීගමුවේ දී පැවැත්වීමට නියමිතයි.


ඉන්දියාවේ සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේ නියෝජිතයින් පන්සියයක පිරිසක්, ඉන්දීය මාධ්‍යවේදීන් පනහක් ඇතුළු හයසීයකට ආසන්න පිරිසක් සහභාගී වන මෙම සමුළුවේ දී ව්‍යාපාරික මුණගැසීම්, සාකච්ඡා ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව උදා වේ.