Saturday, September 13, 2025
Follow Us
සෞඛ්‍ය ඇමැති සහ සී ෂෙල්ස් මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් මහකොමසාරිස් Lalatiana Accouchee (ලලටිනා අකොෂි) මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සුහද හමුවක් අද (04) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

එහිදී දෙරටේ වත්මන් ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්වය ආදී කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරු විය. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය වූ සී ෂෙල්ස් රාජ්‍යයද අනෙක් සියලු රටවල් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ විශාල පසුබෑමකට ලක්වූ බවත් මහ කොමසාරිස්වරිය පැවසුවාය. 95,000ක තරම් කුඩා ජනගහනයක් ජීවත්වන සී ෂෙල්ස් රාජ්‍යයේ 2000ක් පමණ ශ්‍රී ලාංකිකයින් වෙසෙන බවත් ඒ මහත්මිය මෙහිදී පැවසුවාය.

ශ්‍රී ලංකාවද කොවිඩ් වසංගතයෙන් පසු දැඩි ආර්ථික පසුබෑමකට ලක්වූ බවත් මේ වන විට ඉන් යම් තාක් දුරකට මිදෙමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය. මේ සඳහා මිතුරු රටවල් රැසක් හැකි සෑම අයුරින්ම උදව් උපකාර කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ ශක්තියක් මෙරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සතු වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.