Saturday, September 13, 2025
Follow Us
විදේශයන් තුළ ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ප්‍රවර්ධනයට වැඩපිළිවෙළක්

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හා එක්ව විදේශයන් තුළ ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ‌දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණ.

විශේෂයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන විදේශයන් වෙත අපනයනය කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණයි. ඒ වෙනුවෙන් තාක්ෂණය, යන්ත්‍රෝපකරණ සහ වෙළඳ‌පොළෙහි පවතින ගැටලු ඔවුන් වෙත ඉදිරිපත් කළ අතර, ඊට අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සහ JI Promotions (Pvt) Ltd ආයතනයත් සිය එකඟතාවය පළ කළේය. තවද ජපානය තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, ජපානය තුළ සිටින ව්‍යාපාරික ආයතන දැනුවත් කර දේශීය සහ ආයුර්වේද නිෂ්පාදන විකිණීම සහ ප්‍රචලිත කිරීමට ද ඔවුහු එකඟතාවය පළ කළහ.