Saturday, September 13, 2025
Follow Us
ක්‍රීඩකයෙකුට තරග තහනමක්

පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට අමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ෆිලිප් හට තාවකාලික තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ තරග තහනම පැනවීමට ඔවුන් පියවර ගෙන ඇති බව වාර්තා විය.

ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේදී කයිල් ෆිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නිරීක්ෂණය වී ඇත.

එම තරගයේදී ඔහු විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණි.
26 හැවිරිදි කයිල් ෆිලිප් අමෙරිකානු කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර එක්දින තරග 5කට සහභාගී වී තිබේ.‍

-Aruna