Saturday, September 13, 2025
Follow Us
බෝට්ටුවක සිටි 30කට වැඩි පිරිසක් මරුට

කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 30කට වැඩි පිරිසක් දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගලවා ගැනීමේ සේවකයින් විසින් බාල වයස්කරුවෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 24 දෙනෙකු බේරා ගෙන තිබේ.

නමුත් මෙම බෝට්ටුවේ කොපමණ පිරිසක් සිටියේදැයි නොදන්නා බව ස්පාඤ්ඤ බලධාරීහු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Aruna