Thursday, April 09, 2026
Follow Us
ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර 10

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව "The Economist" විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරයයි. වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තෙවැනි අවස්ථාව මෙයවෙයි.

මෙම වාර්තාව සැකසීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණි.

ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබුණි.

කැනඩාවේ කැල්ගරි සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගර එම ශ්‍රේණිගත ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි. 

එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති නගර මෙසේය...

 01. වියානා - ඔස්ට්‍රියාව 

02. කෝපන්හේගන් - ඩෙන්මාර්කය 

03. මෙල්බර්න් - ඔස්ට්‍රේලියාව 

04. සිඩ්නි - ඔස්ට්‍රේලියාව 

05. වැන්කුවර් - කැනඩාව 

06. සුරික් - ස්විස්ටර්ලන්තය 

07. කැල්ගරි - කැනඩාව

07. ජිනීවා - ස්විස්ටර්ලන්තය  

09. ටොරොන්ටෝ - කැනඩාව

10. ඔසාකා - ජපානය