Saturday, September 13, 2025
Follow Us
ඉන්දීය නාවික සබ්මැරීනයක් ලංකාවට

ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීන් යාත්‍රාවක් හෙට (19) සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් එය මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා මෙරටට පැමිණෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
'වාගීර්' නම් මෙම සබ්මැරීනය හෙට සිට ලබන 22 දක්වා මෙරටදී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්ය.

එහිදි ඉන්දීය සබ්මැරීන යාත්‍රාවේ අණදෙන නිලධාරීවරයා සහ බටහිර නාවික විධානය භාර ආඥාපතිවරයා අතර හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

මෙම ඉන්දීය සබ්මැරීනය පාසල් සිසුන් සහ නරඹන්නන් වෙත ප්‍රදර්ශනයට විවෘත කිරීම සඳහා ද මේ වන විට සැලසුම් කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

-Aruna