Saturday, September 13, 2025
Follow Us
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක් ලබන ඔක්තෝබර් මස ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව තුර්කියේ ස්ථාන්බුල් නුවර සිට කටුනායක දක්වා එලෙස සෘජු ගුවන් සේවාව ක්‍රියාත්මක වන බවත් එම ගුවන් ගමන් ආරම්භ කිරීම සමඟ යුරෝපයෙන් වැඩි සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය. 

 

-Aruna