Saturday, September 13, 2025
Follow Us
 ඊශ්‍රායල, ශ්‍රී ලංකා සෘජු ගුවන් ගමන් ඇරඹීමට යයි

ඊශ්‍රායලයේ අකිරා ගුවන් සමාගම විසින් නොවැම්බර් මස මුල් සතියේ සිට ආරම්භ කිරීමට නියමිත ඊශ්‍රායල, ශ්‍රී ලංකා සෘජු ගුවන් ගමන් සේවය පිළිබඳ සාකච්ඡාවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිතීඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එක් විය.


ඒ Fits Airlines සමාගම සමඟයි.
එමෙන්ම ඉහළ පෙළේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකමක් වශයෙන් අභ්‍යන්තර ගුවන් ගමන් ජාලයක අවශ්‍යතාව හදුනාගෙන ඇති අතර ඒ සදහා මූලික සාකච්ඡාව ද මෙහි දී සිදු කර තිබේ.
මේ අවස්ථාවට අකිරා ගුවන් සමාගමේ නිලධාරීන්, Fits Airlines සමාගමේ නිලධාරීන්, සංචාරක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හා වරය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහභාගි වුහ.