Saturday, September 13, 2025
Follow Us
ඉන්දියාවේ දුම්රිය අනතුරට හේතුව සොයා ගනී

ඉන්දියාවේ පසුගියදා සිදු වූ දුම්රිය අනතුරට හේතුව සංඥාවල දෝෂයක් බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

එරට දුම්රිය ඇමතිවරයා සදහන් කළේ ඉලෙක්ට්‍රෝනික පද්ධතියේ ඇති වූ වෙනස්වීමක් හේතුවෙන් මෙම සංඥා දෝෂය සිදුව ඇති බවයි.

මෙම අනතුරේදී දුම්රිය 03ක් එකිනෙක ගැටුණු අතර ඉන් මියගිය පුද්ගලයින් සංඛයාව 275කි. ඇතැම් මරණ දෙවතාවක් ගණනය කිරීම නිසා මිය ගිය සංඛ්‍යාව මීට පෙර ඉහළ අගයක් වාර්තා විය.

මෙම අනතුර සැලකෙන්නේ ඉන්දියාවේ මේ ශතවර්ෂයේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර ලෙසිනි.

අනතුරට අදාළ පරීක්‍ෂණ වාර්තාව ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතය.

Dinamina