Wednesday, September 23, 2026
Follow Us
ලෝක බැංකුවේ නව සභාපති වැඩ භාරගනී

ලෝක බැංකුවේ නව සභාපති ලෙස තේරී පත් වූ ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික අජේ බංගා එම තනතුරේ වැඩ භාර ගෙන තිබේ.

පසුගිය මැයි 3 වනදා ඔහු එම තනතුරට තේරී පත්වුණේ වසර 5 ක නිල කාලයක් සඳහායි.

ඒ අනුව 63 හැවිරිදි අජේ බංගා ලෝක බැංකුවේ 14 වන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.