Sunday, April 05, 2026
Follow Us
අපේ හමුදාවට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කොටි සමුළුවක්

ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සමුළුවක් පැවැත්වීමට කොටි ඩයස්පෝරාව කි‍්‍රයා කර ඇත. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මෙම සමුළුව පවත්වා ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයයි.

මෙම සමුළුවට රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ බාලකුමාරන් , දීපන් සහ කාරන් ඇතුළු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රැුසක් සහභාගී වී ඇත.

මෙහිදී ශී‍්‍ර ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් විශාල පිරිසක් අතුරුදන් කළ බවට චෝදනා එල්ල කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත විරෝධය දක්වා නැත.

(Lanka Leads)