Tuesday, February 17, 2026
Follow Us
මුදල් ඇමති IMF ප්‍රධානියා හමුවෙයි

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. ඒ, අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදීයි.

ආර්ථික ස්ථායිතාවය වෙනුවෙන් දැනට ශ්‍රී ලංකාව ගෙන යන වැඩ පිළිවෙල පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාව වෙත උපරිම සහය ලබාදෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

(Neth)