Tuesday, February 17, 2026
Follow Us
සෞදි කථානායක, විපක්‍ෂ නායක හමුවෙයි

සෞදි අරාබියානු පාර්ලිමේන්තුවේ කථානායක අබ්දුල්ලා බින් ඊබ්‍රාහිම්, අද පෙරවරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමු වුණා. ඒ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂ නායකවරයාගේ නිල නිවසේදීයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළ සෞදි අරාබි රජය සමග සමීපව කටයුතු කිරීම පිළිබද මෙහිදී සෞදි අරාබියානු කථානායකවරයා විපක්‍ෂ නායකවරයාට සිය ස්තුතියද පුද කළා. එම අවස්ථාවට සෞදි අරාබියේ තානාපතිවරයා සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

(Neth)