Saturday, May 17, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය මහින්ද රාජපක්ෂ හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුවිය.

ඒ විපක්ෂ නායක විජේරාම නිල නිවසේදීයි.

එහිදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇති අතර, එම අවස්ථා ඉදිරියේදී පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්තුමිය පවසා තිබේ.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාද එක්වූහ.

(Aruna)