Friday, February 20, 2026
Follow Us
උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක

උතුරු කොරියාව නව මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇතැයි දකුණු කොරියාව පවසනවා. උතුරු කොරියාව එලෙස අත්හදා බලා ඇත්තේ කෙටි දුර මිසයිලයක්.

උතුරු කොරියාවේ නැගෙනහිර මුහුදු සීමාව ඉලක්ක කර එම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බවයි දකුණු කොරියාව පවසන්නේ.

උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ, සිය රටේ ආරක්ෂාව සහ නව අත්හදා බැලීම්වලට විරුද්ධ වීමට කිසිඳු පාර්ශවයකට හැකියාවක් නොමැති බවට එක්සත් ජාතින්ගේ සමුළුවේදී ප්‍රකාශයක් සිදුකර දින කිහිපයකින් අනතුරුවයි.

(Neth)