Saturday, February 21, 2026
Follow Us
ලෝකේ වේගෙන් ජනප්‍රිය වන ශ්‍රී ලාංකික නිෂ්පාදනය

ලංකාවේ මිනී පෙට්ටියට ලෝකෙම පොරකයි


කොවිඩ් මරණ ඉහළයාමත් සමග ගල්කිස්ස – මොරටුව මහ නගර සභාව මගින් හඳුන්වාදුන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි සදහා විදෙස් රටවලින් ඇණවුම් කිහිපයක් ලැබී තිබේ.

ගල්කිස්ස – මොරටුව මහ නගර සභාවේ සභික ප්‍රියන්ත සහබන්දු මහතා පැවසුවේ වියට්නාමයෙන් ද ඇණවුමක් ලැබී ඇති බවයි.

තායිලන්තයෙන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි 1000ක ඇණවුමක් ලැබී ඇති බවත්, එය ලබන සදුදා දිනයේ එරටට අපනයනය කිරීමට නියමිතයි.
කොවිඩ් සිරුරු බහාලීම සඳහා නිර්මාණය කළ මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටිය සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

(Aruna)