Friday, May 09, 2025
Follow Us
ශ‍්‍රී ලාංකික තව්හිද් ජමාත් දෙදෙනෙක් පිලිපීනයට පැනලා

ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු මැනිලා ගුවන්තොටුපළින් පිලිපීනයට ඇතුළුවීමේ සිද්ධියක් ගැන පරීක්‍ෂණ කරන බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් එඞ්හාද් අරිවාලෝ ප‍්‍රකාශ කර ඇත.

මෙම දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට තොරතුරු ලැබී තිබිණි. මොවුන් පසුගිය නොවැම්බර් මස පිලිපීනයට පැමිණ ඇත.

මේ පිළිබඳව බිහාර් ප‍්‍රවෘත්ති සේවය පැවසුවේ පිලිපීනයට පැමිණ ඇති දෙදෙනා ලූසන් ¥පතේ සටන්කාමීන් සමඟ සබඳකම් පවත්වා ඇති බවයි. මෙලෙස ත‍්‍රස්තවාදීන් බවට හඳුන්වමින් නම් කර ඇති දෙදෙනාගෙන් එක් අයකු බෞද්ධ කාන්තාවක් බව ද අනාවරණය වී ඇත.

(Lanka Leads)