Saturday, February 21, 2026
Follow Us
ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය අත්පත් කරගනී

ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රධාන නගර 02 ක් තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ නිරිතදිග පළාතේ ෆාරා නගරය සහ උතුරු පළාතේ බැග්ලාන්හි පුල්-ඊ-කුම්රි නගරයේ බලය එලෙස අත්පත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඉකුත් සිකුරාදා දිනයේ සිට දින 05 ක් ඇතුලත තලෙයිබාන් සංවිධානය මගින් ඇෆ්ගනිස්තානයේ පළාත් ප්‍රධාන නගර 08 ක් අත්පත් කරගෙන ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

(Neth)