Saturday, February 21, 2026
Follow Us
ප්‍රබල තානාතිපතිවරු රැසක් අද මුදල් ඇමති බැසිල් හමුවෙයි

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රබල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම සඳහා වැල නොකැඩී එන බව වාර්තා වේ.

කුමන අරමුණකින් එම හමු සිදුවන්නේද යන්න පිළිබඳ නිශ්චිතව කරුණු වාර්තා නොවුණද එම තානාපතිවරු අතර ඇමරිකා, චීන, ජර්මන්, රුසියා, බ්‍රිතාන්‍ය, ඉන්දියා හා යුරෝපා සංගම් තානාපතිවරුන් සිටින බව සඳහන්.

පසුගිය කාලය පුරාම ජාත්‍යන්තරය ලංකාව ගැන එතරම් පැහැදීමකින් කටයුතු නොකළ පසුබිමක ලෝකයේ ප්‍රබලයින් සියළු දෙනා මෙලෙස බැසිල් රාජපක්ෂ මහතා හමුවීම ආණ්ඩුව නව ප්‍රවණතාවකට පිවිසීමක් විය හැකි බවද වාර්තා වෙයි.

(LNW)