Thursday, April 23, 2026
Follow Us
ඇස්ට්‍රා සෙනිකා දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට ජර්මනියේත් අනුමැතිය

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයින් සියලුදෙනාට එහි දෙවන මාත්‍රාව ලෙස වෙනත් කොරෝනා මර්දන එන්නතක මාත්‍රාවක් ලබා දීම ජර්මනිය අනුමත කර තිබෙනවා.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන පසුබිමක් තුළ ඊට එරෙහිව ඵලදායී එන්නත්කරණ වැඩපිළිවෙළක් සිදු කිරීම ජර්මානු බලධාරීන්ගේ උත්සහයයි. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයින් සඳහා එහි දෙවන මාත්‍රාව ලෙස ජර්මනිය ද වෙනත් එන්නතක් ලබා දෙනු ඇති.

එහිදී ෆයිසර් එන්නත හා මොඩර්නා එන්නත ලබාදීමටයි මේවනවිට නිර්දේශ වී ඇත්තේ. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබූ ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ද ඉකුත් දා සිය දෙවන මාත්‍රාව ලෙස මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබා ගත්තා.

(Neth)