Sunday, February 22, 2026
Follow Us
ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර

ස්විස්ටර්ලන්ත රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 04ක වටිනාකමින් යුත් වෛද්‍යාධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව කොවිඩ් රෝග පාලනයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රික උපකරණ සහ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඇතුළු උපකරණ තොගයක් ස්විස්ටර්ලන්තය විසින් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ස්ව්ස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එම වෛද්‍ය ආධාර තොගය භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

(Aruna)