Sunday, February 22, 2026
Follow Us
ඉන්දියාව යළි එන්නත් අපනයනයට සූදානම්

ඉන්දියාව යළි කොවිඩ් මර්දන එන්නත් අපනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු මාසය වනවිට කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් විසින් මේ වනවිට ඇණවුම් කර ඇති කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට නියමිත බව සදහන්ය.

රට තුළ එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රමාණය අනුව අදාළ රටවල් වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.

(Aruna)