Sunday, February 22, 2026
Follow Us
යුරෝපීය සංගමයෙන් මූල්‍ය ආධාරයක්

යුරෝපීය සංගමය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට ඉදිරිපත් වී තිබේ.

එම ආධාරය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල 15,000ක පමණ පිරිසකට ප්‍රතිලාභ ලැබීමට නියමිත බව වාර්තා වේ.

පීඩාවට පත් ධීවර ජනතාවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හරහා එම ආධාර මුදල් බෙදා දීමට කටයුතු කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය සංගමයේ කොළඹ කාර්යාලය පැවසීය.

(Aruna)