Sunday, February 22, 2026
Follow Us
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක ණයක් ගැනීමට ශ්‍රී ලංකාව සැරසෙයි

ඉන්දියානු මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණයක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පැවසුවේ දෙරටේ මහ බැංකු අතර විනිමය හුවමාරු ණය වැඩසටහන යටතේ එම ණය මුදල ලබා ගැනීමට නියමිත බවයි.

මීට පෙර ඉන්දියානු මහ බැංකුවෙන් ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පියවා දමනු ලැබුවා.

(Neth)