Sunday, February 22, 2026
Follow Us
ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වේ

ශ්‍රී ලංකාවේ ජී එස් පී ප්ලස් බදු සහනය තාවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්‍රතිලාභ සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව සම්මත කර ගෙන තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු නොකිරීම බවයි වාර්තා වන්නේ.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් සහ විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබෙනවා. ඡන්දය දීමෙන් වැළකී සිට ගණන 40ක්.

යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයින් යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බැඳීම්වල ප්‍රගතිය සඳහා තල්ලුවක් ලෙස ජී එස් පී ප්ලස් බදු සහනය යොදා ගන්නා ලෙසයි. එම සහනය මගින් රටේ අපනයනකරුවන් සඳහා යුරෝපා සංගම් වෙළඳපොළට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට දිරිගැන්වීමක් ලබා දෙන බව එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

 

(Neth)