Wednesday, July 29, 2026
Follow Us
දීපිකා පදුකෝන්ටත් කොරෝනා

බොලිවුඩයේ සුපිරි නළි දීපිකා පදුකෝන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දීපිකා පදුකෝන් මෙන්ම ඇගේ මව සහ බාල සහෝදරිය කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

මේ වන විට බැංගලූර් හි සිටින දීපිකා එම ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර තිබේ.

මේ අතර දීපිකාගේ පියා වන ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන් ද දැඩි උණ රෝගයකින් පෙළෙන බවත්, ඔහු මේ වන විට රෝහල් ගත කර තිබේ.

(Aruna)