Friday, January 02, 2026
Follow Us
තත්පර 30න් කොවිඩ් හඳුනාගත හැකි පරීක්ෂණයක්

තත්ත්පර කීපයක් ඇතුළතදී කොවිඩ් වයිරසය හඳුනා ගත හැකි පරීක්ෂාවක් හඳුන්වා දීමට ඇමෙරිකා නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සමාගමක සේවයේ නියුතු මෙරට විද්‍යාඥවරියක් ඇතුළු කණ්ඩායමක් සමත් වී ඇත.

එම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විද්‍යාඥවරියක වන දුවිනි දිනූෂිකා රාජපක්ෂය.

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව ප්‍රතිඵල ලබාගැනීමට දින දෙකක පමණ කාලයක් ගතවෙනවා. නව ක්‍රමය මගින් තත්ත්පර 30කින් ප්‍රතිඵලය ලබාදීමේ හැකියාව පවතිනවා. මෙහිදී සිදුකෙරෙන්නේ බැලුනයක් පිම්බීමෙන් පසු එහි ප්‍රශ්වාස වාතය පරික්ෂා කිරීම යැයි විද්‍යාඥවරිය පැවසුවාය.

(Aruna)