Friday, January 02, 2026
Follow Us
මාත්‍රා දෙකම ගත් හිටපු අගමැතිට කොවිඩ්

ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිංටද කොවිඩ් ආසාදනය වී ඇතැයි එන්ඩීටීවී ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය ආයතන වාර්තා කරයි.

උණ රෝගය වැලඳීමෙන් පසු කොවිඩ් පරීක්ෂණයකට භාජනය කළ 88 හැවිරිදි හිටපු අගමැතිවරයා ඊයේ (19 වැනිදා) පස්වරුවේ දිල්ලි නුවර පිහිටි රෝහලකට ඇතුළත් කර තිබේ.

හිටපු අගමැතිවරයාට කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රාවන් දෙකම ලබා දී මෙසේ වයිරසය ආසාදනය වී ඇත. මෙම පළමු එන්නත මාර්තු 04 වැනිදා ලබා දී ඇති අතර දෙවැන්න අප්‍රේල් 03 වැනිදා ලබා දී තිබේ.

(Aruna)