Monday, February 23, 2026
Follow Us
ශවේන්ද්‍ර සිල්වා හිර කරන්න යෂ්මින් සුකා බරටම වැඩ

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මැග්නිට්ස් සම්බාධක පනත යටතේ සම්බාධක සහ තහංචි පනවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරිනියක් වන යස්මින් සුකා බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

පිටු 50 ක වාර්තාවක් බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය වෙත යවමින් ඇය මෙම ඉල්ලීම කර තිබේ. මෙම වාර්තාවේ ඇය විසින් එරට සිටින හිටපු කොටි හිතවාදීන්ගේ සාක්‍ෂි ද ඇතුළත් කර ඇත. එහෙත් ඔවුන් කවුදැයි හෙළිවී නැත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා එල්ල කරමින් යස්මින් සුකා කෙටුම්පත් කළ තෙවැනි වාර්තාව මෙයයි.
(දිවයින)