Friday, January 02, 2026
Follow Us
නැගෙනහිර යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය වේගවත් වෙයි

පාස්කු දින සැමරුම් පවා අවහිර කරමින් යුරෝපයේ බොහෝ රටවල් මේ වන විට කොරෝනා වෛරසය වෙලාගෙන තිබෙනවා. ඒ අතරින් කෑපි පෙනෙන තත්ත්වයක් අලුතින් මතුව ඇත්තේ නැගෙනහිර යුරෝපා කලාපයේයී. ඊට හේතුව වන්නේ එම කලාපය තුළ ඉකුත් වසරේදී කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිර නොයෑමයි. එහෙත් මේ වන විට පෝලන්තය, හංගේරියාව, යුක්ක්‍රේනය, ස්ලෝවැකියාව, චෙක් ජනරජය ඇතුලු රටවලින් කැපී පෙනෙන ලෙස ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙනවා. එන්නත්කරණය සිදු වෙමින් ඇති පසුබිමකද මෙලෙස රෝගීන් වැඩි වීම කැපී පෙනෙන තත්ත්වයක් බවයි විදේස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත ලබා දීමෙන් පසු ලේ කැටිති ඇති වු පුද්ගලයින් 30 දෙනෙකු අතරින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යය ඊයේ වාර්තා කළා. මෙලෙස එන්නත ලබා ගැනීමෙන් පසු ලේ කැටිති ඇති වී පුද්ගලයින් මිය යාම වාර්තා වන්නේ බ්‍රිතාන්‍යය තුළ පුද්ගලයින් මිලියන 18ක් එන්නත් කිරීමෙන් පසුවයි.

මේ අතර විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ප්‍රංශය, තුර්කිය, පෝලන්තය, ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, රොමේනියාව, ස්වීඩනය, සර්බියාව සහ බෙල්ජියමේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉකුත් සතියක කාලය තුළ ඉහල ගොස් ඇති බවයි.

(Neth)