Thursday, January 01, 2026
Follow Us
අගමැති මහින්ද සහ බංග්ලාදේශ අගමැතිනිය අතර ද්විපාර්ශවික සාකච්ඡා

බංග්ලාදේශයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(20) එරට අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මිය සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

ඊට අමතරව දෙරට අතර ගිවිසුම් රැසකට ද අද (20) දිනයේ අත්සන් තැබීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට බංගබන්දු ෂෙයික් මුජිබුර් රහ්මාන්තුමාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජුබිලිය සැමරීමේ උත්සවයට ඊයේ (19) සහභාගී වී ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා විශේෂ දේශනයක් ද පවත්වනු ලැබීය.

(Aruna)