Thursday, January 01, 2026
Follow Us
ටැන්සානියාවේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. 61 හැවිරිදි වියේ පසුවූ එරට ජනාධිපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි ටැන්සානියාවේ උප ජනාධිපතිනි සමියා සුලුහු හසන් ප්‍රකාශ කර ඇත්තේ. දෙසතියකට වැඩි කාලයක් ජෝන් මගුෆුලි ජනතාව හමුවේ පෙනී සිට නොමැති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා පැතිරෙමින් පවතිනවා. ටැන්සානියාවේ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් පවසන්නේ ඔහුට කොරෝනා වෛරසය වැළඳී තිබුණේදැයි සැක පවතින බවයි. කෙසේ වෙතත්, ඒ බව මෙතෙක් තහවුරු වී නැහැ.

ජනාධිපති ජෝන් මගුෆුලිගේ අභාවය හේතුවෙන් ටැන්සානියාවට සති දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ටැන්සානියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උප ජනාධිපතිනි සමියා සුලුහු හසන් එරට නව ජනාධිපතිනිය ලෙස දිව්රුම් දීමට නියමිතයි.

(Neth)