Thursday, January 01, 2026
Follow Us
එන්නත් ලක්ෂ පහක් ලබාදීමට සීරම් ආයතනය එකඟ වේ

ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනය ප්‍රමාදයකින් තොරව ලබාදෙන බව ඉන්දීය සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඊයේ (8 වැනිදා) දැනුම් දී තිබේ.

ඒ අනුව එළැඹෙන සතියේදී කොවිඩ් එන්නත් ලක්ෂ පහක් සහ ලබන මාසයේදී (අප්‍රේල්) තවත් එන්නත් ලක්ෂ පහක් ලබාදීමට සීරම් ආයතනය එකඟ වූ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක ‘අරුණ’ට පැවසුවේය. එළැඹෙන සතියේ ලැබීමට නියමිත එන්නත් සඳහා බදාදා (10 වැනිදා) දින මුදල් ගෙවීමද කිරීමට නියමිතය. සැලසුම් කළ පරිදි කොවිඩ් එන්නත් ලබාදීමට නොහැකි බව සීරම් ආයතනය මීට පෙර නිවේදනය කළේය.

(Aruna)