Thursday, January 01, 2026
Follow Us
එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 16ක් මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ මෙම ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලෝක සෞඑන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් එන්නත් ලබාදීමට නියමිතව ඇත. පළමු අදියර යටතේ ලැබෙන එන්නත් ලක්ෂ 16ට පසු සෙසු එන්නත් වසරක් ඇතුළත ලබාදීමට කොවැක්ස් ආයතනය එකඟත්වය පළකර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ දකුණු සහ අග්නිදිග ආසියානු රටවල විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් ‘අරුණ’ට පැවසුවේය.

මීට අමතරව චීනයෙන් එන්නත් ලක්ෂ තුනක්ද ලැබීමට නියමිතය. ඉන්දියාවෙන් නොමිලේ ලබාදුන් ඇස්කා සෙනිකා එන්නත් ලක්ෂ පහ මේ වනවිට සෞඛ්‍ය සේවකයන්ට සහ පොලිස් හා හමුදා සාමාජිකයන්ට ලබාදීම සිදුකරයි.

(Aruna)