Tuesday, February 24, 2026
Follow Us
චීනයෙන් එන්නත් ලක්ෂ 3ක පරිත්‍යාගයක්

කොවිඩ්-19 සඳහා චීන රජයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

චීනයෙන් එලෙස ලබාදීමට නියමිතව ඇත්තේ Sinopharm එන්නතය.

පෙබරවාරි මස මැද භාගය වනවිට එම එන්නත් මාත්‍රා ශ්‍රී ලංකා රජයට භාරදීමට හැකිවනු ඇති බවද චීන තානාපති කාර්යාලය පවසයි.

එම එන්නත් ද චීන රජයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව මෙරටට ලැබෙන බව වාර්තා වේ.

(Aruna)