Tuesday, April 07, 2026
Follow Us
ෂාෆිගේ කුණු හෝදන්න NGO වාර්තාවක් ජිනීවා සමුළුවට

මවුවරුන් වඳ භාවයට පත් කළැයි චෝදනා එල්ල වී තිබෙන දැනට රිමාන්ඞ් භාරයේ සිටින වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් වෙනුවෙන් ඇමරිකානු හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ඉන්දීය අධ්‍යක්ෂවරිය වූ මිනක්ෂි ගංගුලි මහත්මිය ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

ඇය සිය වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ වෛද්‍ය ෂාෆිට එරෙහි එල්ලකර ඇති චෝදනා අසත්‍ය බවය.

මෙරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක කි‍්‍රයාකාරීන් විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙන ඇය සිය වාර්තාව සකස් කර ඇතැයි ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරයි.

(Lanka Leads)