Wednesday, February 11, 2026
Follow Us
හමුදා නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට මෙවරත් පැමිණිල්ලක්

හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හිටපු හමුදා නිලධාරීන් 59 කට එරෙහිව විදේශ රටවලදී දඬුවම් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග්‍රෙයිස් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත යෝජනා කර ඇත.

මානව හිමිකම් කොමසාරිස්වරිය මේ බව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ප‍්‍රකාශ කර තිබේ.

පැබ්ලෝ ඩි ග්‍රෙයිස් පිටු 19 කින් යුත් සිය වාර්තාව පසුගිය සතියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ වනවිට හමුදා නිලධාරීන් 59 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය සර්ව ලෝක නීතිය ප‍්‍රකාශයට පත්කර තිබේ.

මෙම නීතිය යටතේ යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගත හැකිය.

ඇමරිකානු රජය විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරටට පැමිණීම තහනම් කර ඇති අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට ඔස්ටේ‍්‍රලියාවට පැමිණීම තහනම් කර ඇත.

(Lanka LEads)