Wednesday, February 11, 2026
Follow Us
අමෙරිකානු ජනාධිපති හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා.

සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වීමෙන් පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නව කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂාවන්ට ලක්වුවා.

(Neth)