ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ක්‍රියාත්මක කිරීම ආරම්භ වේ.
ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙනු ලබන ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ක්‍රියාත්මක කිරීම ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුවේ ශ්‍රවණාගාරයේ දී අද (01 ) නිල වශයෙන් ආරම්භ විය.
ඒ අනුව, අද දින සිට සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය කෙරේ. ඒ සමගම පැරණි ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීම තවදුරටත් සිදු නොවනු ඇත. මෙම ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය මගින් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය යටතේ වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු සේවයක් ලබාදීමට හැකිවනු ඇති අතර එමගින් වංචා දූෂණ අවම කරගැනීමට හැකිවනු ඇත. මේ වන විට මෙම ක්‍රියාවලියට සමාගම් 1144ක් සම්බන්ධ වී සිටී.