කොළඹ වරායේදී බහාලුම් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 463කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවත් එහි දළ වටිනාකම රුපියන් කෝටි 800ක් බවත් නියෝජ්‍ය පොලිස්පත් අශෝක ධර්මසේන මහතා පවසයි.
අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයත් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.