Tuesday, July 07, 2026
Follow Us
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් මිය ගිය පිරිස 25 දක්වා ඉහළට
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය තුළ මිය ගිය පිරිස 25 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
 
මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ 13දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යැවීම සඳහා යුද්ධ හමුදා විශේෂ බලකාය ඇතුළු ආරක්ෂක අංශවල සහාය ද ලබා ගෙන තිබේ.