පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ බම්බලපිටිය රිජ්වේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වැලිඔය ප්‍රියන්ත හා එස්.එෆ්.ජගත් යන අයගේ සමීපතමයෙකු ලෙසයි සැලකෙන්නේ.
පොලීසියට ලද තොරතුරක් මත කෙරුණු සෝදිසි මෙහෙයුමකදී රිජ්වේ පෙදෙසේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
එහිදී යතුරුපැදියකින් ගමන් කළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරකට අනුව, පොලීසිය වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කරනු ලැබුවා.
එහිදී තවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, ජංගම දුරකථනයක් හා තරාදි 2 ක්ද පොලිස් භාරයට ගැනිණි.